gravatar

මා නොදත් මගේ මනෝ ලෝකය ! (මන්දබුද්ධිකභාවය නම් නොවෙයි)


හ්ම්...අපි හැමෝටම හීන ලෝකයක් තියෙනවා. සමහරු ඒ ලෝකෙ ජීවත් වෙන්න සැබෑ ලොකේ ජීවිතයත් එකක් පොර බදනවා.හැබැයි ඒ හැමෝම ටික වෙලාවකට හරි සැබෑ ලොකෙන් මිදිලා මනෝ ලොකෙ රවුමක් දාන වෙලාවකුත් එනවා.. අපි හැමෝම එහෙමයි..  මොනදේ වුනත් අපි අපේ මානෝ ලොකෙට ආදරේ කරනවා.... වෙලාව හවස 5.05යි වෙනදට හවස 5.45 විතර වෙනකන් ඔෆිස් එකට වෙලා පිස්සු කර කර ඉන්න මම අද කවදාවත් නැතුව මේ තරමට හදිස්සියේ වැඩ ඉවර කරලා පාරට ආවේ ගෙදර යනටත් වඩා අද පොඩ්ඩක් ටවුන් එකේ රවුමක් දාන්න කියලා. මොකද තනියෙන් රස්තියාදුවේ යන්න මම ටිකක් ආසයි... එකත් අමුතුම මනෝ ලෝකයක්...හිහ්.... පිස්සෙක්ට විතරයි ඒවා පුළුවන් ..... නිට්ටඹුවෙන් බස් එකට නැග්ග මම බස් එකේ යන් සිංදුවට අවදානය ගියේ මටවත් නොදැනි... සිංහලා වල තියෙන රසාස්වාදය ගැන දන්නවා ඇතිනේ ඔය කවුරු කවුරුත්..  ඒත් මම ඒක මහ පිස්සුවක් වගේ උඩු දුවපු මන්දබුද්ධික පොරක්ද කොහෙද ? ....

"ශාහ් ලස්සන සිංදුවක්..."මාව මනෝ ලෝකෙකට ඇදිගෙන ගියා....නිකං අර වරදිකාරයෝ කූඩුවට ඇදගෙන යනවා වගේ...
-
-
-
-
-
-


"ඈතින් එන හුළඟේ
එවන්න ඔයාගේ සුවඳ තවරලා
මම තනියම ඔයා එනතුරු
මග බලාගෙන ඉන්නවා
ඔයා මගේන ඇතට ගිය සවසේ ඉඳලා
මගෙ ජීවිතේ කැළඹිලා
ඉගෙන ගෙන ඉක්මනට එන්න
මම බලාගෙන ඉන්නවා
ගම පුරාම
අපේ මතකයන්වල සුවද පැතිරිලා
මම ඒ තැන්වල නැවති නැවති
ඇවිදිනකොට අපේ අතීතය සිහිවුනා
ඔයාත් එකක් සරසවියට ගිය
මගේ ජීවිතේම සරසවියේ දොර ගැව නැවතිලා
ඔයා සරසවියේ අලුත් ජීවිතයක්  පටන් අරගෙන
ඉක්මනට ආයෙ එන්න මම බලාගෙන ඉන්නවා
හිතන්නේ කොහොමද
ආයේ මම මගේ හිත ඔයත් එක්ක එවලා
ගමට වෙලා මම
ඔයා එනකන් බලාගෙන ඉන්නවා
මුළු ලොකෙම අතේ ඇඟලි වල හිරකරගෙන
සරසවියෙන් එළීයට ඇවිත්
ඔයා ආපහු ගමට එනකොට
මට බයයි ඔයාව මට අයිති නැති ලෝකෙක
රජ වෙලා තියෙයිද කියලා ?"
-
-
-

දමිත් අසංකගේ සිංදුවක්.....පට්ට ....මම නිකං ලාවට වගේ මතකයි මම උන්නේ අනන්තයට යන පාර දිගේ... 
-
-
-
-


"මචං පොඩ්ඩක් ඉඩ දෙනවද අපිට වාඩි වෙන්න..."

නොදකින් විතරක් ඒ මොඩ මූසලයා ..... මගේ ලෝකෙට ගල්පාරක් ගැහුවා..අතේ ඇඟිළීවන වත් කෑලි ඉතුරුවෙන්නේ නැති වෙන්න මේක මගේ මැන්ටල් ලෝකෙට කෙලියා.. මම මුණ දෙක කරගෙන මොකද මේ කුප්පයා කියලා බැලුවා

අයියෝ සල්ලි කිව්වලු....අඩුවයස් කපල් එකක්...එහෙම නැත්නම් පෙරේමවන්තයෝ ජෝඩුවක්...

මොනවා කරන්නද පෙරේතකමට තියාගෙන හිටපු සීට් එක උන් දෙන්නට පූජ කරලා මම බස් එකේ දොර ගාවට ආවා..ඇත්තටම ආදරයත් එකතරා විදියක මනෝ ලෝකයක් ගිය කෙනෙකේ ආපහු හැරිලා එනවා අඩුයි...හැබැයි ඒ මනෝ ලොකේ හැමදාටම ජීවත් වෙන්න උත්සහ කරනවා වගේම ඒ මනෝ ලෝකෙම අතරමං වෙන පිරිස වැඩී... මම කියන්නේ ආදරේ කියන්නේ මනෝ ලෝකයක් කියන එක නෙවෙයි.. ඒත් පරිද්දමෙන් හරි පාරෙන් ගියොත් කතරගම තමා.. හැබැයි ඒ වගේම ආසාවටවත් මීගමුවෙන් බොට්ටුවල ඉතාලි යන්න උත්සහ කරන්න දන්න එපා...ජීවිතේ අවදානමේ...හරි :)

කැමති අය මෙන්න සිංදුව අරගන්න අහන්න 




gravatar

අලේ මේ ලියන විදිය ෂෝයි අප්පා..!!

gravatar

නියමයි..

gravatar

මාත් කී දෙනෙක්ටනං ඔය සීට් පූජ කරලා ඇද්ද හීන ලෝක බල්ලට දාලා...
ඒත් අපි නැග්ගම එකෙක් දෙන්නෑ එහෙම සීට්...
හෙනම ගහපං...

ආපු එකේ මේ ගැන හිතන දේ ලියපල්ලා...ඔබේ වචන මා හද අප් කරයි !