gravatar

අයියා ඉක්මන් කරලා යන් එහෙනම් !



මේක අපේ ගොයියෙකුට උනු සිරා සීන් එකක්..දැනට සතියකට විතර කලින් උනේ.. කට්ටිය දැකලා ඇතිනේ නැනෝ ටැස්සි.. අන්න එව්වා එළවන පොරක් සම්බන්ධ කේස් එකක්

ඔන්න එදා අපේ පොරට මගුල් ගෙදරක යන්න සිද්ධ වෙලා නැනෝ බට්ටෙක් ගෙන්නගෙන ගමන් යන්න පිටත් උනාලු.... දැන් ඔන්න පෑලියගොඩ හරියේ යනකොට

අපේ පොර - මල්ලි ටිකක් ඉක්මන් කරල යං බං.... පුළුවන් ඉක්මනට
ටැක්සි බුවා - හරි බොස් අනිවාර්යෙන්ම..

දැන් නැනෝ බුවා කනේ වැලිගෑවෙන ගානට වාහනේ ගෙනියනවලු... අපේ පොර වව්ලා වගේ සීට් එක බදාගෙනලු.. ඔන්න ආයෙ ටික දුරක් එනකොට

"අපේ පොර - හදිස්සියක් නැහැ බං හෙමීට යන්" කිව්වලු...
"ටැක්සි බුවා - බොස්.... බොස්ට කීයටද එනත ඉන්න තියෙන්නේ කියලා"  ඇහුවලු...
"අපේ පොර - අවුලක් නැහැ මල්ලි 3 වෙද්දි හිටියා නං ඇති" කිව්වලු
"ටැක්සි බුවා - බල්ලනකො බෙස් අව්වේ සැර"

කියලා මේක අර වාහනේ එළවන අස්සේ සන් ගලාස් දෙක්ක දාගත්තලු..
ඊට පස්සේ ටික දුරක් යනකොට මේ හද්ද ගිහි ගහන රස්නේ අව්ව වැටෙන වෙලාවේ මේක කියනවලු..

"බලන්නකො බොස් මේ වාහන හිංදා බොස්ගේ ගමනත් පරක්කු වෙනවා. බලන්න දැන් අව්වත් බැහැල ගිහින් කළුවර වෙලානේ..."

හු..... අපේ එක එකසිය ගානට සිට්එක හුරගෙන කන්න හදනවලු... පව් අපේ බුවා


ආපු එකේ මේ ගැන හිතන දේ ලියපල්ලා...ඔබේ වචන මා හද අප් කරයි !