gravatar

අර කථාවට කියනවා වගේ ආදරෙත් හරියට පැණි පොල් වගේ

අද දවස නම් පස්ට දවසක් ඇහ්....නිටඹුව අද පස්ට විදියට කාර්ය බහුලයි මොකද අද එයාලගේ පොළ දවස. හැමෝම හිස් ලු ලූ අත දිවයයි. මාද ඒ රොත්ත මැදින් ගොස් ගිරිඋල්ල බලා ඉබිගමනින් නිටඹුවෙන් එළියට ඇදෙන බස්රියකට ගොඩවීමට උත්සහ කරත් නොහැකි වීම හේතුවෙන් ආපසු ගිරිඋල්ල බස් රථ ගාල දෙසට ඇදෙන්නට විය.. උදේ සිට ගාමන්ට් ජනතාවගේ දුක්ක දෝමනස්සයන්ට උර දී කෙලවී සිටි මාගේ මනට පවනට වඩා ටීක්කක් වේගයෙන් වෙනස් විය. අඩේ කාලෙකින් රස්තියාදුවේ ගියේ නැහැ..

මම ගමන නවතා කාර්කැට් ගොඩනැගිල්ලට ගොඩ විය. අහස නොක්කාඩු වී තිබූ හෙයින් සුළු මොහොතක්වත් යන්නට මත්තෙන් වැස්සත් බොනස් ලෙස ලැබුනි.අඩේ මිනිස්සු එහෙ දුවනවා මෙහෙ දුවනවා. ....මරයි ආහ්...මමත් දිව්වා මාර්කෙට් බිල්ඩිමට... අම්මෝ දන්න එකෙක් යන්න නම් එපා...ඒ පැත්තට.... දකින දකින තැන කපල්ස්ය... මා තට්ට තිනකඩය... මම සිල්ගත් අයෙකු මෙන් බිම බලාගෙන ඉදිරියට ඇදෙන්නට විය. උන් අහු මුළු වල මෙනවදෝ කනට කර කුටු කුටු ගායි... සිනා සෙයි..

මේ හැමදේටම වඩා වැස්ස පහර පිට පහර දෙයි...හ්ම් වෙලාව දැන් 6.00 ...දැන් නම් අම්මගේ තේ කොප්පය අම්බානෙය හිතට එයි. හිත දහ අතේ දුවයි....

මම වැස්ස ටිකක් අඩු වු පසු ගොස් ගිරිඋල්ල දෙයස ඇදෙන බස් රථයකට ගොඩවිය.. බස් රථය ෆුල් සන්සුන්ට.. විටින් විට අල්ලාප සල්ලාපයේ යෙදෙන ජෝඩු හා කොලු ගැටයන් කිහිප දෙනෙකු ඇයෙන්න අනෙකන් කල්පනා සාගරයකය ගිලී ඇත.

මමත් බස් රථයෝ දොර අසලටී සිට ගෙන වැස්සෙන් දියබත් වූ කඩ පිල් , ගස් වැල් දෙස බලමින් වැස්සේ චමත්කාරය දකිමින් බසයේ ඉදියට ඇදෙමින් සිටින අතරතුර බස් රථයේ කොන්දාගේ ටින් වෙලෙක් වු කොමල මධුර මනොහර ගාන්ඪාර ස්වරයට අවාදනය විසිවිය... නොදකින් පෙරේතයා තෝ නම් ඉහත ආත්මේ දේවදත්තයෙන්ද මන්දා.. (හැමදාම මගේ මනෝ පාර නැති කරන්නෝ කොන්දෙක්ය... එය මා කළ පූරුවේ කරුමයකි..) වෙලාව 6.40 පමණ වන විට මම මගේ ගමනාන්තයේ බැස ගැනීමට වාසනවා හිමි විය..

ලොතරැයි කූඩුවක යකඩ කට සද්දෙන් සිංදුවක් කියයි.... ශහ් පස්ට සිංදුවකි.... එහි අරුත නම් මෙසේය..



ආදරය නැමති චාරිකාවේදී ගමන් මගක් හෝ අතර මගදී ගිමන් නිවන්නට ගිමන් හලක් හම්බවෙලා කියෙනවද ? ඉරයි සදයි  ඇතිවී නැති වෙන තාක්කල් මේ විදියට අපි හිතන් ඉන්න ආදර ලෝකයේ ඔබයි මමයි ඉන්නද ? ඒක හරියට හිතේ තියෙන දුක්ක දෝමනස්ස සියල්ල නැති කර කදුලෙන් මිදෙන්න උත්සහ කරනවා වගේ ඔයින් මෙයින් අන්තිමට උනේ ගමන් මාර්ගයක් අහන්නට කියා දෙන්නට ඇසට හසුවන මානයේ කෙනෙක් නැති වුන හිංදා අන්තිමට ඔබටත් මටත් විරහව නැමති මාවතේ අතරමං වීමට සිදුවිය.

එක අතකින් ඒකත් ඇත්ත තමා මොකද ආදරේ කොරනකොට අටපිටවේ කොමොක්ට්ස් එහෙම ඕනි.. නැත්නම් බොහෝවිට අපි ගන්න තීරණ අපිට හරි වගේ පෙනුනට වැරදි වෙන්න පුළුවන්..

සිංදුව - ගමන් මගක් තිබුනාද මේ ප්‍රේම චාරිකාවේ..
ගායනය - රෝහණ වීරසිහංයන් විසින්

ඔයාලත් අහලම බලන්නකෝ මෙතනින් ගිහින් (http://www.youtube.com/watch?v=r3rXKVCImkc)

අර කථාවට කියනවා වගේ ආදරෙත් හරියට පැණි පොල් වගේ (වීල් රියදුරු අයියෙක්ගේ බොක්කෙන් ගලා ආ ටෝක් එකකි...) කන්න කන්න ආසයි. හැබැයි නොකා අතඇරියොත් කන්න බැරි වෙන්නම නරක් වෙනවා .

හ්ම්....අද දවසත් ඉවරයි....හෙට අලුත් දවසක් ......ගෙදර යන්නට බලා සිටි අනිත් බස් රථයේ එන්ජීම පණ ගැන්විය.... එහෙනම් ගිහින් එන්නම්කෝ.....

gravatar

මා නොදත් මගේ මනෝ ලෝකය ! (මන්දබුද්ධිකභාවය නම් නොවෙයි)


හ්ම්...අපි හැමෝටම හීන ලෝකයක් තියෙනවා. සමහරු ඒ ලෝකෙ ජීවත් වෙන්න සැබෑ ලොකේ ජීවිතයත් එකක් පොර බදනවා.හැබැයි ඒ හැමෝම ටික වෙලාවකට හරි සැබෑ ලොකෙන් මිදිලා මනෝ ලොකෙ රවුමක් දාන වෙලාවකුත් එනවා.. අපි හැමෝම එහෙමයි..  මොනදේ වුනත් අපි අපේ මානෝ ලොකෙට ආදරේ කරනවා.... වෙලාව හවස 5.05යි වෙනදට හවස 5.45 විතර වෙනකන් ඔෆිස් එකට වෙලා පිස්සු කර කර ඉන්න මම අද කවදාවත් නැතුව මේ තරමට හදිස්සියේ වැඩ ඉවර කරලා පාරට ආවේ ගෙදර යනටත් වඩා අද පොඩ්ඩක් ටවුන් එකේ රවුමක් දාන්න කියලා. මොකද තනියෙන් රස්තියාදුවේ යන්න මම ටිකක් ආසයි... එකත් අමුතුම මනෝ ලෝකයක්...හිහ්.... පිස්සෙක්ට විතරයි ඒවා පුළුවන් ..... නිට්ටඹුවෙන් බස් එකට නැග්ග මම බස් එකේ යන් සිංදුවට අවදානය ගියේ මටවත් නොදැනි... සිංහලා වල තියෙන රසාස්වාදය ගැන දන්නවා ඇතිනේ ඔය කවුරු කවුරුත්..  ඒත් මම ඒක මහ පිස්සුවක් වගේ උඩු දුවපු මන්දබුද්ධික පොරක්ද කොහෙද ? ....

"ශාහ් ලස්සන සිංදුවක්..."මාව මනෝ ලෝකෙකට ඇදිගෙන ගියා....නිකං අර වරදිකාරයෝ කූඩුවට ඇදගෙන යනවා වගේ...
-
-
-
-
-
-


"ඈතින් එන හුළඟේ
එවන්න ඔයාගේ සුවඳ තවරලා
මම තනියම ඔයා එනතුරු
මග බලාගෙන ඉන්නවා
ඔයා මගේන ඇතට ගිය සවසේ ඉඳලා
මගෙ ජීවිතේ කැළඹිලා
ඉගෙන ගෙන ඉක්මනට එන්න
මම බලාගෙන ඉන්නවා
ගම පුරාම
අපේ මතකයන්වල සුවද පැතිරිලා
මම ඒ තැන්වල නැවති නැවති
ඇවිදිනකොට අපේ අතීතය සිහිවුනා
ඔයාත් එකක් සරසවියට ගිය
මගේ ජීවිතේම සරසවියේ දොර ගැව නැවතිලා
ඔයා සරසවියේ අලුත් ජීවිතයක්  පටන් අරගෙන
ඉක්මනට ආයෙ එන්න මම බලාගෙන ඉන්නවා
හිතන්නේ කොහොමද
ආයේ මම මගේ හිත ඔයත් එක්ක එවලා
ගමට වෙලා මම
ඔයා එනකන් බලාගෙන ඉන්නවා
මුළු ලොකෙම අතේ ඇඟලි වල හිරකරගෙන
සරසවියෙන් එළීයට ඇවිත්
ඔයා ආපහු ගමට එනකොට
මට බයයි ඔයාව මට අයිති නැති ලෝකෙක
රජ වෙලා තියෙයිද කියලා ?"
-
-
-

දමිත් අසංකගේ සිංදුවක්.....පට්ට ....මම නිකං ලාවට වගේ මතකයි මම උන්නේ අනන්තයට යන පාර දිගේ... 
-
-
-
-


"මචං පොඩ්ඩක් ඉඩ දෙනවද අපිට වාඩි වෙන්න..."

නොදකින් විතරක් ඒ මොඩ මූසලයා ..... මගේ ලෝකෙට ගල්පාරක් ගැහුවා..අතේ ඇඟිළීවන වත් කෑලි ඉතුරුවෙන්නේ නැති වෙන්න මේක මගේ මැන්ටල් ලෝකෙට කෙලියා.. මම මුණ දෙක කරගෙන මොකද මේ කුප්පයා කියලා බැලුවා

අයියෝ සල්ලි කිව්වලු....අඩුවයස් කපල් එකක්...එහෙම නැත්නම් පෙරේමවන්තයෝ ජෝඩුවක්...

මොනවා කරන්නද පෙරේතකමට තියාගෙන හිටපු සීට් එක උන් දෙන්නට පූජ කරලා මම බස් එකේ දොර ගාවට ආවා..ඇත්තටම ආදරයත් එකතරා විදියක මනෝ ලෝකයක් ගිය කෙනෙකේ ආපහු හැරිලා එනවා අඩුයි...හැබැයි ඒ මනෝ ලොකේ හැමදාටම ජීවත් වෙන්න උත්සහ කරනවා වගේම ඒ මනෝ ලෝකෙම අතරමං වෙන පිරිස වැඩී... මම කියන්නේ ආදරේ කියන්නේ මනෝ ලෝකයක් කියන එක නෙවෙයි.. ඒත් පරිද්දමෙන් හරි පාරෙන් ගියොත් කතරගම තමා.. හැබැයි ඒ වගේම ආසාවටවත් මීගමුවෙන් බොට්ටුවල ඉතාලි යන්න උත්සහ කරන්න දන්න එපා...ජීවිතේ අවදානමේ...හරි :)

කැමති අය මෙන්න සිංදුව අරගන්න අහන්න 




gravatar

බුදු පුතේ .......!



බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදුගේ පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාට
සිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

අවවාද කරනවා -  අකුරටත් යවනවා 
රජ කරවන්නට පුතාලා - මහ පොලොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා - මං සමාව දෙනවා
රත්තරං පුතේ තාත්තා හැමදාම හඬනවා...

සිහිවන්න බුදු ගුණ - කියවන්න බණ පොත 
මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් උනේ ඔබ රත්තරං පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත....

මේ සිංදුව ගැන පොඩ්ඩක් කල්පනා කරන්න..තමන්ගේ පුතා සමාවක් දෙන්න බැරි තරම් ලොකු වරදක් කරලා පොරකයට නියම වෙලා ඉන්න කොට ඒ දරුවගේ අම්මත් නැතුව තනි වෙලා ඉන්න තාත්තට කොච්චර දුකක්ද කියලා... මේක මම බස් එකේ එනකොට අද හවස අහන්න ලැබුන සිංදුවක්... සිංදුව කියන්නේ චන්දන ලියනාරච්චි මාහතා.... සිංදුවකට මිනිහෙක්ගේ සංවේදි සිතකට කොච්චර ලං වෙන්න පුළුවන්ද ?

මේ පද ටිකම ඇති ඒ දේ තේරුම් ගන්න

ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාට
සිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව


gravatar

ඉස්කොලේ යන වයසේ කොලුගැටයාගේ මැජික් !

අද උදෙන්ම නිට්ටඹුවෙන් බැස මා වැඩ කරන වැඩපල වෙතයාමට කිරිඳිවෙල බලා ඉබිගමනින් ඇදෙන බස් රථ දෙසට ඇවිද ගෙන යන්නට විය. මම දන්න විදියට අද දින නිට්ටඹුවට පොළ දවසකි. මම බස් රථය වෙත  පියවර මනින විට මා අසලින් පොඩි එකෙක් පෑන් මිටියක් අතතිව උස් හඩින් මෙසේ කියමින් බස් රථ ගාල දෙසට ඇවිද යන්නට විය.


"පෑනක්  රුපියල් 10යි"
"පෑන් දහයක් එකසිය දහයයි ....එක පෑනත් නොමිලේ..."

මිනිස්සු ඒ ළමයගෙන් පෑන් ගන්න පොරකයි. මා මදක් නැවතී ළමයා දෙස බලාගෙන කල්පනාවේ යෙදෙන්නට විය..ඒ ළමය කියපු මට අමුත්තක් දැනෙන්නට වගේ විය. මදක් කල්පනා කරමින් ඉන්නකොට රුග්ගහවිල සිට පැමිණි බස් රළයක උස් හොන් සද්දෙන් මගේ කල්පනා සාගරය කුණාටුවකට අසුවිය..

"කොහෙද ඕයි යන්නේ ...තමුසෙට....පිස්සුද ? :( "

පාරෙන් ඉවත්වීමට පරක්කු උන නිසාද කොහෙද උදේ පාන්දර බස් එකේ අයියා සාදාචාරාත්මක විදියට අමට අමතන ලදි. ඇත්ත තමා වරද මගේ ...මමයි  පාර මැද කල්පනා කර කර හිටියේ...

පාරෙන් අයිනට වී ආයෙත් අර පෑන් විකුණන පොඩි එකා දෙස මගේ දෑස් යොමුවිය... උගේ වටේට මිනිස්සු රොත්තකි.. හැමෝම වගේ උගෙන් පෑන් මිටියක් අරන් යයි. මම පොඩි කොල්ලගේ කියමන කල්පනා කලේ නිකමට මෙනි.... ශහ්.... මෙකයි මේ සීන් එක...

කොල්ල අපූර්වතම සෙල්ලමක් කර ඇත...

පෑනත් රුපියල් 10 යි නම් පෑන් 10ක් රුපියල් 100කි... ඒකත් හරි...
නමුත් පොඩි එකාගේ කටෙන් පිටවුයේ පෑන් 10ක් 110යි පෑනක් නොමිලේ යනුවෙනි...
පෑන් 1ක් රුපියල් 10 යි නම් පෑන් 11ක් රුපියල් 110කි...

එසේ නම් පෑන් 11ක් ගත්තත් රුපියල් 110කි
එසේත් නැත්නම්  පෑන් 10ක් 110යි පෑනක් නොමිලේ ලැබුනත් එතනත් පෑන් 11යි

ඇත්තටම මේ කොල්ලට කව්රු හරි ඉගැන්නුවද නැත්නම් කොල්ලගේ දැනීමේ තරමින් කල උප්පරවැට්ටියක්ද ?

මිනිස්සු වරෙක පෑන් දෙක තුනක්ද තවත් අයෙක් පෑන් 10ට එකක් හම්බවෙන පෑන් 11 පෑන් මිටියද මිලදී ගනී.

ඉස්කොලේ යන වයසේ වු මේ කොලුගැටයා ඉගෑනීම පැත්තකින් තබා මේ කරන්නේ සමහරවිට තම පවුල වෙනුවෙන් වෙමෙස මහන්සි වීමක් දෝ යන දේ මගේ හිතේ හටගන්නට විය... ඉබේ මගේ මුහුණට නැගුණු සිනාවත් එක්කම මම මගේ කල්පනා ලෝකයෙන් මිදි   මට මගහරුනු බස් රථයට පසු පැමිණි වත් කිරිඳිවෙල බස්යක නැගී වැඩපලා බලා පැමිණියේ මිනිස්සුන්ගේ සිත් පුදුමාකාර නොවේද යන්න සිතමින්...

මොනවා උනත් පවු පොඩි එකා... සමහර විට උට ඉස්සරට ඉගෙන ගෙන දෙස්තර කෙනෙක් සමහර විට ඉන්ජීනේරුවෙක් වගේ වෙන්න හිටිය කොල්ලෙක් විය හැක...නමුත් දෛවයි.....හ්ම්...

මිනිස්සු පුදුමාකරයි...ලොකේ ගොලාකාරයි !

gravatar

සොරි මල්ලි පොඩි වැරැද්දක් !

වෙලාව උදෑසන 7.30 විතර ඇති. උදේ පාන්දර 5.30 විතර රඹුක්කනින් කොළඹ දෙස නිදිමතේ ගාටන දුම්රියකට ගෙඩවී නැග *රිගමට පැමිණ නිදිමතේම බැස **ල්දෙණිය බලා යාමට තුන්සක රියකට ගොඩවිය....සිංහලෙන්ම කියනවා තිරිවීල් එකකට ගෙඩවිය

වීල් අයියා -  "මල්ලි කොහාටද යන්න ඕනි"

මම - (නොදකින් හිපාටුව යකො..ඉස්සරහට යන්න ඕනි..!) "ආහ් අයියේ *න්දරට යමු".

ඔන්න ඉතින් අයියා ටුක් ටුක් එක ඉදිරියට අද්දන්නට විය.. ගත්ත ගමන්ම පාර දු කබරයින් දුවනවා වගේ මේක වාහන දෙක තුනක් ඉස්සර කරමින් සාර්ථක අන්දමින් කහ ඉරක් කපමින් සුන්දර ලෙස මාර්ග මේව්වා  නොතකමින් ඉදිරියට ඇදෙන්නට විය... ඇත්තටම මගේ හිටිය නම් මොකෝ කියා සිතුනි. අම්මේ අම්ම හිටිය නම් මෙලාහකතේ ටුක් ටුක් අයියා ඔළුව සිසාරා ටොකු කිහිපයක් කොටනු නියතය. මම පවුලේ එකම අහිංසකයා හෙයින් මා පවුලේ ඇටෙන්ශන් මෙව්වා එක දිනාගත් කාගෙත් ගොනාවී ඇති හෙයිනි... අවංකෙන්ම මා ගොනෙකු දැයි විටෙක මටම හිතාගන්නට බැරිය..

මොනදේ උනත් හරකෙකුට තණකොළ දකින විට හිතට ඇති සතුට මටද කොම්පියුටරයක් දැකින විට ඇතිවේ.අවංකෙන්ම...ඒක හිංදම තාත්තාට අවංක අහිංකවභාවයි පෙන්වා මම ලැප්ටොප්පියක් ගත්තේ ඒකය. කොටින්ම කිව්වොත් මගේ කෙල්ලට කියලා මගේ ගාව ඉන්නේ ඔය ලැප්ටොප්පිය විතරයි. එළිවෙනකන් බුකියේ ඉන්නකොට බ්ලොග් කොටනකොට මා එක්ක ඉන්න ඒ අහංසකි තමා.. දැන් ඉතින් කෙල්ලවත් ඔඩොක්කුවේ තියාගෙන ටුක් ටුක් යන ගමන් හිටියේ..ටුක් ටුක් අයියා වැරෙන් වමට ඇති වංගුවක් නමන්නට විය..මම මගේ කෙල්ලව අයියෙන් බදාගත්තේය...ම හාට මතක එපමනය.

"ඩෝන්........බුදු අම්$^@#!^@*#$!(*@&!(@$!)$! !@^$#!_)!@$!"

අයියෝ සල්ලි කිව්වලු.. මෙතෙක් කාලයක් මාත් එක හෙම්බිරිස්සාව උණ සමසේ බෙදාගෙන මාත් එක්ක උන්නු මගෙ කෙල්ල.. මට මතකයේ ඇති ආකාරයට අවසන් වරට දිකන විට මා අතින් මිදී ටුක් ටුක් රථයෙන් එළියට විසිවෙනු මතකය.. එකවරම

"මල්ලියේ නැගිටපන් උඹට තුවාලද ..... නැහැනේ.. බලපංකෝ මේ අමන..#%@%@% පුතා"

මට වචන කඩින් කඩ ඇසේ... හරියට පරණ රේඩියෝ එකක වගේ.....

ටිකක් කෙලින් කටින් නැගිටින්න පුළුවන් වෙලකොට ටුකු ටුක් අයි පාරේ පතබෑවී ඇති මගේ කෙල්ලව (ලැප්ටොප් එක) ගෙනැවිත් දෙනු මතකය.. මගේ මුළු සරීරෙම වෙවුලන්නට විය..

මායි කෙල්ලයි ටුක් ටුක් එකයි ඔක්කොට ඇස්පිඩන් එකකට ෆේස් කර 99න් බේරී අත.. ටුක් ටුක් එකේ මුණ තැලී ඇත...



සිද්ධීය මෙසේය.. වංගුව වට නවනාවත් එක්කම තවත් වමෙන් ආපු බායිසිකල් පොරක් නිථිවිරෝධී ලෙස..ලෙසටම ටුක් ටුක් එකේ වැදී ඇත..පොර බෙබෙකි සිංහලෙන්ම කියනවා නම් බේබද්දෙකි.. බුවා උදේ පාන්දරින් බේත් අරගෙන පයිසිකලයට ගොඩවී ඇත.. වරද ඇත්තේ එතැනයි.. කෙසේ වෙතත් මේකා තාප්පෙට කෙලා ඇත..මට කෙලවි ඇත...බුවා එතනම පතබෑවී ඇති අතර ජීවතුන් අතරට..ටුක් ටුක් අයියා බලන විට පොර ගාම්භිර ලෙස නැගිට

"සොරි මල්ලි පොඩි වැරැද්දක් හදිස්සියට පැත්ත මාරු උනා.. මම කෙලින් ...මල්ලිලා හොඳින් නේද ? " කියලා අහුවලු...

අප දෙදෙනාට සුළු තුවාලය..මා මද වේලාවකට අදුරට ගොස් ඇත. නැතව ආලොකයට එනවිට බයිසිකල්කාරයාගේ පව් පියන් නිකරුනේ බැනුන් අහනවා මට මතකය...

ලැප්ටොප්පිය එක්ක මාද පටවාගත් ටුක් ටුක් රිය අපේ ඒරියා එක මගේ ගේ ඉස්සරට එනකොට (මගේ ගේ කිව්වට මම ඉන්නවා විතරයි ගේ හැදුවේ අපේ තාත්තනේ) ...ඔන්න ගේ ගාව..

මම බැස්ස.......

ටුක් ටුක් අයියට සල්ලි දුන්නා.......

7.50 මහව කොච්චිය වගේ ලෙසටම මගේ කාමරයට ගොඩවුනා...........

බැග් එකෙන් ලැප් ටොප්පිය එළියට ඇද්ද ඔන් කලා........

අම්මෝ......ඇති යන්තන් උගුර කට ලේ රහ නැතිවිය... ඇය සනීපෙන්ය...මට දුක ලැප්ටොප්පිය අරන් සති දෙකක් වත් නැත...ඒ ඇරෙන්න බය වෙන්න වෙන මොන මගුලක්වත් නැත..විටෙන් විට පයිසිකල්කරුගේ දෙමව්පියන් සිහි උනත්...අමාරුවෙන් හිත අන්බාන් කරගන්නා ලදි... සිද්ධිය ඕකයි.. යකෝ කවුරු උනත් මග තොටේ එකකන් යනකොට තම තමන්ගේ ගෑණු මනුස්සයන්ව පරිස්සන් කරගනිල්ලා...මේ වගේ හාල්පාරුවෝ එක්ක පාරෙ යන්නේ කොහොමෙයි...

අවංකෙම්ම...

gravatar

"තමුසෙ ඇයි මගෙ කෙල්ල දිහා බලාගෙන ඉන්නේ "

මේක මට අහන්න ලැබුනු සීන් එකක්...හිතුවා ඔයාලත් එක්ක බෙදාගන්න

එකොමත් එක රට තියෙන්නේ කොහෙද ? දන්න අය ඉන්නවා නම් අත් උස්සන්න බලන්න... කෝ දන්න අය නැද්ද

හපොයි ...... එකොමත් එක රට කියන්නේ ලංකාව යකෝ එකකවත් දන්නේ නැහැනේ...

ඔන්න මේ රටේ හිටියා කොල්ලෙකුයි කෙල්ලෙකුයි... ඒ දෙන්න බොහොම ආදරයෙන් උන්නු දෙන්නෙක්..බොහොම  කියන්නේ කොල බොක්කෙන්ම සිරාවටම ලව් කරපු දෙන්නෙක් .... ඔන්න ඉතින් මේ දෙන්නා බොහෝම ආදරෙන් කාලය ගතකොරනකොට මේ දෙන්නා අතර නොගැලපීම් අසමානකම් ඇති උනා. ගොඩක් වෙලාවට දෙන්න රන්ඩු උනා. දෛවයේ අවාසනාවකට මේ දෙන්නගේ ආදරේ එතනින් නැවතීමේ තිත තියන්න උනා. ඔන්න ඉතින් දෙන්නා වෙන් වෙලා කාලයක් ගතවුනා...

පව් අප්පා කොල්ලා පුල් බූට් සීන් එකේ... ඔන්න දවසක් කොල්ලා පාරෙ ඇවිදගෙන යනවා. ඔහොම යනකොට එයා යාළුවිලා හිටපු කෙල්ල පාරෙ අනිත් පැත්තේ ඉන්නවා දකිනවා. දෙසැරයක් හිතන්නේ නැහැ කොල්ලා පාර පැනලා කෙල්ල ගාවට යන්න යනකොටම... තවත් කොල්ලෙක් ඒ කෙල්ල ගාවට ඇවිල්ලා කථා කරනවා. කෙල්ලගේ මූණෙ හිනවෙන් පිරෙනවා...කොල්ලට පුදුමයි..


කොල්ල දුකෙන් ඉන්නකොට කොහොමද මෙච්චර සතුටෙන් ඉන්නේ කියලා. ඊට පස්සේ පාර පැනපු නිසා කොල්ලා කෙල්ල දිහා බලාගෙන ඉන්නවා.ටිකක් වෙලා යනකොට කෙල්ලටයි කොල්ලටයි තේරෙනවා ඒ දෙන්න දිහා තවත් කෙනෙක් බලාගෙන ඉන්නවා කියලා.අසුරු සැනින් ඒ කොල්ලා අනිත් කොල්ලා දුරට වෙලා මේ කෙල්ල දිහා බලාගෙන ඉන්න කොල්ලා දකිනවා... ඊට පස්සේ ඉතින් අයියෝ සල්ලි තමා සීන් එක... අර කොල්ලා මේ කොල්ල ගාවට ඇවිල්ල ගේම ඉල්ලනවා..

ඒ එක්කම අර කෙල්ල ඒ කොල්ලවත් අතින් ඇදගෙන මේ අහිංසක කොල්ල නොදැක්ක වගේ යන්න යනකෝට අර කෙල්ලත් එක්ක දැන් යාළු වෙලා ඉන්න කොල්ලා මේ අහිංසක කොල්ලගේන් මෙහෙමෙ ඇහුවලු...

"තමුසෙ ඇයි මගෙ කෙල්ල දිහා බලාගෙන ඉන්නේ "

ඒ අහපු වචනෙන්ම අර අහිංසක කොල්ලට දෙන්න උත්තරයක් වත් නැතිවුනා. සිරාවටම දුකි සීන් එකක් ඕයි. කොල්ලට කියන්න හිතුනත් කොල්ල හිත නිශ්ෂබ්ද කරගෙන බලාගෙන ඉන්නවා ඒත් කොල්ල හිතෙන් මෙන්න මෙහෙම අහන්න හිතුනලු..

"එයා මගෙත් එක්ක යාළුවෙලා ඉද්දිත් උඹ ඒකි පස්සෙන් ආවා ඉස්සර...."
"මචං උඹ කෙල්ලගෙන් අහපං මාව දන්නවද , මවා මතක නැද්ද කියලා..."

ඒත් ඒ වචන හිතේ හංගගෙන කොල්ලා අර සද්දේ දාන කොල්ලට මෙන්න මෙහෙම කිව්වලු..

"උඹ දන්නවනෙ ඔය කෙල්ල ගැන බං. ඒ කෙල්ලත් එක්ක මමත් යාළුවෙලා හිටියා උඹත් දැන් යාළුවෙලා ඉන්නවා.. මම තාමත් ඒ කෙල්ලට ආදරේයි ඒත් අද ඒ කෙල්ල මාව දැක දැක අහක බලාගෙන යනවා මාව නොදන්නවා වගේ.අද මට වෙලා තියෙන දේ හෙට උඹට වෙන්නත් පුළුවන් ඒක හිංදා උඹත් පරිස්සන් වෙයන් මචෝ. මොකද මචෝ  කෙල්ලෙක් වෙනුවෙන් අපි දෙන්නා මෙහෙම රන්ඩු වෙන එක හරි නැහැනේ බං... "

කියලා අර අහිංසක කොල්ලා අපහු හැරිලා ගියාලු...

ඔබ ලඟින් දැවටෙනා ආදරවන්තීගෙන්
අහන්න මා මතක දැයි කියා
වෙනතක සිත් බැඳී අන්සතු වූවාට
කියන්න මා අදරෙයි කියා

සොඳුරී ඈ මගෙ පෙර දවසේ 
කොතරම් පෙම් කෙරුවාද කියා
දැන දැන මේ විලසින් නුඹ පෙම් බැන්දේ
නොදනිමි ඈ හට  ඇයිද කියා

ඉවත බලා නොහඳුන විලසින්
ඈතින් නුඹ යයි මා හමුවේ
සෙනෙහස වින්දා දෙන්නා ඈ හට ලංවී
විරසක වී ළුල නැහැ මිතුරේ

මේ සිංදුව කියන්නේ -කවීෂ කවිරාජ්

මේ දවස්වල රේඩියෝ වල මේ ගැන ලියවුනු සිංදුව දිගින් දිගටම යනවා. කට්ටිය අනිවාර්යෙන්ම ඔයාලා මේ සිංදුව දන්නවා. පොඩ්ඩක් හිතලා බලන්න අපි මේ සිංදුවේ මේ වගේ දෙයක් ඇති කියලා හිතුනද කියලා.

gravatar

අයියා ඉක්මන් කරලා යන් එහෙනම් !



මේක අපේ ගොයියෙකුට උනු සිරා සීන් එකක්..දැනට සතියකට විතර කලින් උනේ.. කට්ටිය දැකලා ඇතිනේ නැනෝ ටැස්සි.. අන්න එව්වා එළවන පොරක් සම්බන්ධ කේස් එකක්

ඔන්න එදා අපේ පොරට මගුල් ගෙදරක යන්න සිද්ධ වෙලා නැනෝ බට්ටෙක් ගෙන්නගෙන ගමන් යන්න පිටත් උනාලු.... දැන් ඔන්න පෑලියගොඩ හරියේ යනකොට

අපේ පොර - මල්ලි ටිකක් ඉක්මන් කරල යං බං.... පුළුවන් ඉක්මනට
ටැක්සි බුවා - හරි බොස් අනිවාර්යෙන්ම..

දැන් නැනෝ බුවා කනේ වැලිගෑවෙන ගානට වාහනේ ගෙනියනවලු... අපේ පොර වව්ලා වගේ සීට් එක බදාගෙනලු.. ඔන්න ආයෙ ටික දුරක් එනකොට

"අපේ පොර - හදිස්සියක් නැහැ බං හෙමීට යන්" කිව්වලු...
"ටැක්සි බුවා - බොස්.... බොස්ට කීයටද එනත ඉන්න තියෙන්නේ කියලා"  ඇහුවලු...
"අපේ පොර - අවුලක් නැහැ මල්ලි 3 වෙද්දි හිටියා නං ඇති" කිව්වලු
"ටැක්සි බුවා - බල්ලනකො බෙස් අව්වේ සැර"

කියලා මේක අර වාහනේ එළවන අස්සේ සන් ගලාස් දෙක්ක දාගත්තලු..
ඊට පස්සේ ටික දුරක් යනකොට මේ හද්ද ගිහි ගහන රස්නේ අව්ව වැටෙන වෙලාවේ මේක කියනවලු..

"බලන්නකො බොස් මේ වාහන හිංදා බොස්ගේ ගමනත් පරක්කු වෙනවා. බලන්න දැන් අව්වත් බැහැල ගිහින් කළුවර වෙලානේ..."

හු..... අපේ එක එකසිය ගානට සිට්එක හුරගෙන කන්න හදනවලු... පව් අපේ බුවා