Pages

අනාරාධිත ආගන්තුකය ඔයාලව බොහෝම ආදරෙන් පිළිගන්නවා......ඇවිදලා කරලා කියවලා කරලා බලන්නකෝ මොකද හිතෙන්නෙ කියලා...

ඒ වන තුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්



මම යන්නම්
ඔබ කියන විටෙක යන්නම්
ඔබට නොපෙනෙන්නට සැඟවී මම ඉන්නම්
මොහොතක් හෝ ඔබ දැක ගනිමින්

ඒ වන තුරු ඔබ ළඟ ඉන්නට ඇත්නම්

Read more

නිමියෙන මතකයේ සංකේතය ඔබයි



වෙනස් වෙන්නෙ නැති
වෙනස් කරන්න බැරි
වෙනස් කරන්න උත්සහ නොකරන
වෙනස් නොවන
සහෝදරයණෙනි

අපිත් එක්ක හිටිය
හිනා වෙලා විහිළුවෙන් කාලය ගෙවපු
අමතක නොවන මකයයි
ඔබයි සොයුර

Read more

මචං දිලුම් !!!!

මේක වෙන්න බැරි දෙයක් කොහොම විශ්වාස කරන්නද කියලා හිතාගන්නවත් බැහැ....ඇත්තඑම උඹ නියම සහෝදරයෙක් කොල්ලෙක් කෙටියෙන්ම කිව්වොත් ඉලංදාරියෙක්....උඹ කවදාවත් අපේ හිත් වලින් මැකෙන්නෙ නැහැ.....උඹ සදා අමරණීයයි...ඒකෙ කිසිම වෙසනක් නැහැ...මේ වෙද්දිත් මටත් නොදැනිම මම අඬනවා....ඇත්තටම කිව්වොත් මට ඒකටවත් හයියක් නැහැ...මම මේ ලොකෙ දැකපු නියමම ඉලංදායරියෙක් උඹ මැරෙන්නෙ නැහැ...කවදාවත්ම තාමත් ජීවත් වෙනවා.....ඇත්ත ඒකයි...සොයුර ඔබ සදා අමරණියයි....අපි යළි හමුවෙමු.....

Read more

අසනීප වෙසක් පණිවියක් !!

          
දැන් ඉතින් කස්ටියම වෙසක් එහෙම බලලා...සතුටු වෙලා දන්සල් වන්දනාමාන කරල එහෙම ඇතිනෙ නේද ?? වෙසක් ඇවිත් ගියා පොහෝම වේගෙන් හිතාගන්නවත් බැරි විදියට....මගේ හිතේ තියාගෙන හිටිය ඔක්කොම බලාපොරොත්තු ඔක්කොම නැතු උනා මේපාර නම්....ආයෙ අහන්න දෙයක් නැහැ....වෙසක් ලබද්දිම මට උණ හැදුනා මාර අප්සෙට් කොහෙවත් යන්නත් නැහැ කන්නත් නැහැ...හැමදේම අප්පිරිය උනා.වෙනද වෙසක් එකකට බීම,සරුවත්,
කොත්තමල්ලි.බෙලිමල් බීපු මට මේ පාර බොන්න සිද්ධ උනේ උණු වතුර විතරයි..අනිත් හැමදේම අප්පිරිය උනා..දොස්තර නම් කිව්වෙ වෛයිරස් උනක්ද කොහෙද කියලා...

                        අනේ මංද හැමදේම නැති උනා..වැස්සකටවත් ඉස්කොලෙ කට් කරපු නැති මම මේ පාර දවස් 5ම ගෙම්බ පොලේ ගැහුව වගේ නින්දට වැටුනා....දැන්නම් යන්තං නැගිටල ඉන්නවා....ඒත් කියන්න තරම් සනීපයක් නැහැ.....කොහොම උනත් අපේ ගෙදර නම් වෙසක් බොහොම සරුයි....හැමෝම වගේ මාව දාල දන්සල් වැන්දනාවෙ ගියා.....හැබැයි තාම මම පණ පිටින්

Read more

මගේ ආදරේ......!


ළඟින් මගේ ඔබ සතපා
හදින් මගේ කථා කලා

හදට ඔබේ නොදැනුනාද ?
මගේ ආදරේ.....මගේ ආදරේ.......

ඇවිත් වගේ අඳුරු වළා..
ඔබ ළඟන නැහැ දුරස් වෙලා
පෙම් කළ සිත වෙනස් වෙලා
මක් උනාද මේ
නැතුව ආදරේ....ඔබේ ආදරේ.....

මගේ හදින් දුරස් වන්න
අන් හදකට පෙම් කරන්න
හදට ඔබේ ඇති උනාද
නැතුව ආදරේ......
නැතුව ආදරේ....මගේ ආදරේ......

අඳුරු වළාකුලක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ............

අඳුරු වළාකුලක් වගේ
අඳුරුයි දැන් සිතද මගේ...
මගේ කඳුළු පිසලන්නට
නොහැකි වේද ඔබේ හිතට
ගොඩක් ආදරේ.....මගේ ආදරේ......

අළුත් පෙමින් විඩා වෙලා..
ආවොතින් මාව සොයා....

අතීතයට සමු දීලා....
පිළිගන්නට ඉඳී බලා....
මගේ ආදරේ......මගේ ආදරේ......



සිංදුව බාගන්න මෙතනින්

Read more

සිතින් මා.....



හිතින් මා නොසැලී හිඳිද්දී
කඳුළ නුඹ ඇවිදින්
නිවා දැමුවේ නෙතේ පීඩා
නොබිඳිනූ මැනැවී

තනිව මා හඬනා වෙලාවේ
සැලි සැලී සීතේ
වැටුනු මහ වරුසා මතක් වේ
නුඹ රැදී දෑසේ

තවම මා නොදුටු සිනා කැන්
හමු නොවූ යාමේ
කඳුළ මට කරුණා කරන්නැයි
අයැදිමී නිබ‍‍‍ඳේ

ගායනය - T.M. ජයරත්න
සිංදුව අරගන්න මෙතැනින්

Read more