gravatar

බුදු පුතේ .......!



බුදු පුතේ වෙසක් සඳ වාගෙයි අපෙ බුදුගේ පහන
මගෙ හිතේ කඳුළු දියවෙනවා රහසින් හැමදාම
ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාට
සිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව

අවවාද කරනවා -  අකුරටත් යවනවා 
රජ කරවන්නට පුතාලා - මහ පොලොවෙ හැපෙනවා
නුඹ වැරදි කරනවා - මං සමාව දෙනවා
රත්තරං පුතේ තාත්තා හැමදාම හඬනවා...

සිහිවන්න බුදු ගුණ - කියවන්න බණ පොත 
මිනිසෙකුගෙ තියෙන වටිනාකම දැනෙයි පුතුටම
බුදු පුතෙක් උනේ ඔබ රත්තරං පියෙකුට
මතු මතුත් දෙන්නෙපා වරදට පුතුනි ඔය හිත....

මේ සිංදුව ගැන පොඩ්ඩක් කල්පනා කරන්න..තමන්ගේ පුතා සමාවක් දෙන්න බැරි තරම් ලොකු වරදක් කරලා පොරකයට නියම වෙලා ඉන්න කොට ඒ දරුවගේ අම්මත් නැතුව තනි වෙලා ඉන්න තාත්තට කොච්චර දුකක්ද කියලා... මේක මම බස් එකේ එනකොට අද හවස අහන්න ලැබුන සිංදුවක්... සිංදුව කියන්නේ චන්දන ලියනාරච්චි මාහතා.... සිංදුවකට මිනිහෙක්ගේ සංවේදි සිතකට කොච්චර ලං වෙන්න පුළුවන්ද ?

මේ පද ටිකම ඇති ඒ දේ තේරුම් ගන්න

ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාට
සිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව


gravatar

හ්ම්ම්ම්ම්...
සංවේදී සිංදුවක්!!!!!!

gravatar

වැඩිය කල්පනා කරන්න ගියාම ඉබේම ඇහැට කදුළු එනවා...

gravatar

අවංකෙම්ම ඒ කථාව ඇත්ත !

gravatar

ලියන ආරච්චි ගේ සින්දු වලින් මට හොඳට වැදුණු සින්දුවක් මේක..

gravatar

ඔබ වැරදි කලත් සමාව දෙන වෙසක් පෝයදාට
සිල් ගන්නේ නුඹෙ පියත් වැලිකඩ හිරගෙයි දොර ගාව
දුක හිතෙනවා අහන් ඉන්නකොට

ආපු එකේ මේ ගැන හිතන දේ ලියපල්ලා...ඔබේ වචන මා හද අප් කරයි !